
Christy (2025) Sinhala Subtitles | “ක්‍රිස්ටි” | සිංහල උපසිරැසි සමඟ

Director: Brendan Canty
Country: Ireland
Year: 2025
Subtitle By: Unknown
Description
මේකට පාදක වෙලා තියෙන්නෙ Christy Martin කියන කාන්තා බොක්සිං ශූරියගේ ජීවිත කතාව. 1990 ගණන්වල කාන්තා බොක්සිං ලොකුවට පිළිගත්තේ නෑ. අන්න ඒ කාලේ Christy කොහොමද ලෝකෙ දිනුwe කියලා මේකෙන් පෙන්නනවා. එයාge අන්වර්ථ නාමය වුණේ “The Coal Miner’s Daughter” කියන එක. Christy බොක්සිං ලෝකෙ ජයගන්න හැටි විතරක් නෙවෙයි මේකෙ තියෙන්නෙ. එයාගෙ පුද්ගලික ජීවිතේ තිබුණු ඛේදවාචකයකුත් මේකෙන් පෙන්නනවා. ඒ Christy ව පුහුණු කරපු, පස්සෙ එයාගෙ මහත්තයා වුණු Jim Martin එයාට දුන්නු වද හිංසා. ගෘහස්ථව සිද්ධ වුණු මේ හිංසන සහ දරුණු පහරදීම් මැද්දෙ Christy කොහොමද තමන්ගෙ ජීවිතේ බේරගත්තෙ කියන දේත් කතාවෙන් පෙන්නනවා. Sydney මේ චරිතය වෙනුවෙන්ම ඇඟ මහත් කරගෙන, කොණ්ඩෙ පාට වෙනස් කරගෙන මාර කැපවීමක් කරලා තියෙනවා. ඇත්ත බොක්සිං ක්‍රීඩිකාවක් වගේම එයා මේකෙ රඟපානවා. මේක නිකම්ම Sports Film එකක් නෙවෙයි.
No comments yet. Be the first to share your thoughts!